Ticker

6/recent/ticker-posts

Header Ads Widget

2021 කාන්තා එක්දින ලෝක කුසලානයත් අවිනිශ්චිතයි

කොවිඩ් 19 ගෝලීය වසංගතයේ අවදානම තවමත් තුරන් වී නැති බැවින් වසර 2021 පෙබරවාරියේ නවසීලන්තයේදී ආරම්භ වීමට නියමිත කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පිළිබඳ යළි සිතා බැලිය යුතුව ඇතැයි නවසීලන්ත ක්‍රිකට් සභාපති ග්‍රෙග් බාක්ලේ ප්‍රකාශ කළේය. කෙසේ වෙතත් ඉදිරි සතියේදී අවසන් තීරණය ගන්නා බව ද ඔහු සඳහන් කළේය.

වසර 4කට වරක් පැවැත්වෙන කාන්තා එක්දින ලෝක කුසලාන තරගාවලියේ 12 වැන්න ලෙස ලබන වසරේ පෙබරවාරි 6 වැනිදා සිට මාර්තු මස 7 දක්වා නවසීලන්තයේ දී පැවැත්වෙන මේ තරගාවලිය කොවිඩ් වසංගතයේ අවදානම මත තව දුරටත් අවිනිශ්චිත තත්ත්වයක පවතින බව ඔහු කීවේය.

“කොවිඩ් වසංගතයේ අවදානම තව දුරටත් පවතිනවා. එහි අවසානය කවදා සිදු වේවිදැයි කිසිවකු දන්නේ නැහැ. එවැනි තත්ත්වයක් මත කාන්තා ලෝක කුසලාන තරගාවලියට සත්කාරකත්වය ලබාදිම සම්බන්ධව අප නැවත සිතා බැලිය යුතුව තිබෙනවා.” නවසීලන්ත ක්‍රිකට් සභාපතිවරයා එසේ කීවේය.

රටවල් අටක ක්‍රීඩිකාවන් සහ කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් සිය රටට ගෙන්වා ගැනීම සම්බන්ධව දැනටමත් විවිධ ගැටලු පැන නැගී ඇති බව ද ඔහු කියා සිටියේය.

මෙවර තරගාවලිය සඳහා සත්කාරකත්වය ලබා දෙන බැවින් නවසීලන්තය නිතරගයෙන්ම ඊට සුදුසුකම් ලබා සිටින අතර, අවසන් වරට 2017 දී පැවැති තරගාවලියේ ශූරතාව දිනූ ඔස්ට්‍රේලියාව සමඟ එංගලන්තය, දකුණු අප්‍රිකාව සහ ඉන්දියාව දැනටමත් සුදුසුකම් ලබා සිටී. ඉතිරි රටවල් 3 තෝරා ගැනීමට සුදුසුකම් ලැබීමේ තරගාවලි කිහිපයක් පැවැත්වීමට ද නියමිතය.

ලොව පැරැණිතම ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය ලෙස සැලකෙන කාන්තා එක්දින ලෝක කුසලාන තරගාවලියේ ආරම්භය සිදු වූයේ 1973 වසරේ එංගලන්තයේදීය. පිරිමි එක්දින ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වූයේ ඊට වසර දෙකකට පසුවය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();