මුඛ ආවරණ පැලදීම සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් උපදෙස් මාලාවක් නිකුත් කරයි.
නීරෝගී පුද්ගලයන් මුඛ ආවරණ පැලදීම අවශ්‍ය නොවන බවට මීට පෙර ප්‍රකාශ කර තිබුණි. එහෙත් කොරෝනා ව්‍යප්තිය පාලනය සදහා මුඛ ආවරණ පැලදීම ඉතා සුදුසු බව වත්මන් තත්වය යටතේ නිගමනය කළ හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය සදහන් කරයි.
පොදු ස්ථානවලදී අනිවාර්යයෙන්ම මුහුණු ආවරණ පළදින ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය උපදෙස් ලබා දෙයි.
බිදිති මගින් කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීමට සියලු දෙනා පොදු ස්ථානවලදී මුහුණු ආවරණ පැළදිය යුතු බව පවසයි.
රෝගී පුද්ගලයින් රෙදිවලින් නිෂ්පාදනය කළ මුහුණු ආවරණ නොව වෛද්‍ය ක්ෂේත්‍ර යේ භාවිතයට ගන්නා මුහුණු ආවරණ පැළදිය යුතුය. ජනතාවට මුහුණු ආවරණ පළදින ලෙස දැනුවත් කිරීම් කරන්නැයි ලෝක සෞඛ්‍ය සංවිධානය සියලු රටවලින් ඉල්ලා සිටියි.
0 Comments