ශ්‍රී ලංකාවේ ප්රමුඛ සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, Huawei සහ Simsyn සමඟ එක්ව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් තෝරාගත් දිවයින පුරා පාසල් සඳහා ටෙලි සම්මන්ත්රණ පහසුකම් ලබා දෙමින් අධ්‍යාපන ක්ෂේත්රය වෙත සිය අඛණ්ඩ සහයෝගයෙහි තවත් පියවරක් තබන ලදි. මෙය 2020 මාර්තු මාසයේ දී දියත් කරන ලද නැණස 1377 දුරස්ථ ඉගෙනුම් වැඩසටහනේ දිගුවකි. කොවිඩ්-19 සමයේ පාසල් විසින් අනුගමනය කරනු ලබන අනෙකුත් මාර්ගගත (online) ඉගැන්වීම් විසඳුම් මෙන් නොව, මෙය භාවිතයට සිසුන්ට අන්තර්ජාල ප්‍රවේශය අවශ්‍ය නොවීමත්, ඕනෑම දුරකථන ජාලයකින් සම්බන්ධ විය හැකි වීමත් විශේෂත්වයකි.
ඕනෑම උපාංගයක් සහ ඕනෑම දුරකථන ජාලයක් භාවිතා කරමින් සිසුන්ට සහ ගුරුවරුන්ට මෙම දුරස්ථ ඉගෙනුම් විසඳුම සමඟ නොමිලේම සම්බන්ධ වී අධ්‍යාපන සම්මන්ත්රණ පවත්වන්නට හැකියාව ලැබේ. අන්තර්ජාල ප්‍රවේශය ඇති සිසුන්ට ස්මාර්ට් ජංගම දුරකතනයක් හෝ ලැප්ටොප් පරිගණකයක් හරහා පිවිසීමෙන් සම්බන්ධ විය හැකි අතර අනෙක් සියල්ලන්ට ඕනෑම ජාලයකින් ගාස්තු රහිතව නැණස 1377 අංකය ඇමතීමෙන් සරල ජංගම දුරකථන හෝ ස්ථාවර දුරකථන හරහා සම්බන්ධ විය හැකිය. මෙම සේවාවට 1377 අංකය හරහා වරකට එක් පාසලකින් සිසුන් 48 දෙනෙකුත්, වෙබ් ද්වාරය හරහා සිසුන් 100 දෙනෙකුත් සම්බන්ධ කළ හැකිය. මෙම දුරස්ථ ඉගෙනුම් සේවාව දැනට පාසල් 100ක ස්ථාපිත කොට ඇති අතර, කොවිඩ්-19 සමය තුළ අඛණ්ඩව අධ්‍යාපන කටයුතු කරගෙන යාම උදෙසා ඉටු කෙරෙන මෙම සේවාව පාසල් 1000 ක් දක්වා වර්ධනය කිරීමට කටයුතු කෙරෙන අතර එමගින් දරුවන්ට සමාන අධ්‍යාපන ප්‍රවේශයක් සහ නිවෙස්වල සුරක්ෂිතව රැඳෙමින් ඉගෙනීමට අවස්ථාව ලබා දෙයි.
ඩයලොග් ආසිආටා විසින් දශක දෙකකට ආසන්න කාලයක් තිස්සේ පවත්වාගෙන යනු ලබන Dialog කුසලතා ශිෂ්‍යත්ව වලට අමතරව, වසර ගණනාවක සිට නැණස වැඩසටහන යටතේ පවත්වාගෙන යන නැණස දුරස්ථ අධ්‍යාපන රුපවාහිනී නාලිකා දෙක, නැණස සුහුරු පාසල් ඩිජිටල් පරිවර්තන වැඩසටහන, නැණස App (ස්මාර්ට් ෆෝන් යෙදුම) සහ නව නැණස 1377 සා/පෙළ උපකාරක සේවාව ඇතුළු අධ්‍යාපනික සේවා රාශියක් සිසුන්ගේ අධ්‍යාපනය නොඅඩුව ගෙන යාමට පවත්වාගෙන යයි.
0 Comments