යුරෝ මිලියන 11ක තාක්ෂණික ආධාර ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් ජර්මානු රජය සමඟ ව්‍යාපෘති කිහිපයක් ක්‍රියාත්මක කිරිම සඳහා ගිවිසුමකට අද දින එළඹෙන ලදී.
ඒ අනුව වෘත්තීය පුහුණු ව්‍යාපෘතිය (යුරෝ මිලියන 7 ක්), සුලු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන ව්‍යාපෘතිය (යුරෝ මිලියන 3.5 ක්), අධ්‍යනය හා විශේෂඥ අරමුදල (යුරෝ මිලියන 0.5 ක්) වශයෙන් සමස්ත ව්‍යාපෘති ඇස්තමේන්තුව දැක්වෙයි
වෘත්තීය පුහුණු ව්‍යාපෘතිය යටතේ තරුණ පරපුර සඳහා ඉල්ලුම මත පදනම්ව වෘත්තීය පුහුණුව ලබාදීමට මෙම ව්‍යාපෘතියෙන් බලාපොරොත්තුවේ.
සුලු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ සුලු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්හට ගෝලීය වෙළඳපළ තුළ ඇති තරඟකාරීත්වය වැඩිකිරීම සඳහා පහසුකම් සැලසීම මෙම ව්‍යාපෘතියෙන් බලාපොරොත්තුවේ.
ජර්මානු රජයේ GIZ ආයතනය විසින් මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කරනු ලබයි.
වෘත්තීය පුහුණු සහ සුලු හා මධ්‍ය පරිමාණ අංශයන් වල සංවර්ධනය සඳහා ශ්‍රී ලංකා රජය විසින් දරණ ප්රයත්නයන්ට විවිධාකාරයේ මැදිහත් වීම් මඟින් තාක්ෂණික හා ප්‍රදාන අධාර සහයෝගීතාවයන් ලබා දෙමින් ජර්මානු රජය අනුග්‍රහය දක්වමින් සිටීයි.
අද දින මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශයේදී මෙම ගිවිසුම් වලට අත්සන් තැබීම සිදු කරන ලදී.
එම අමාත්‍යාංශයේ ලේකම්, එස්.ආර්. ආටිගල මහතා ශ්‍රී ලංකා රජය වෙනුවෙනුත්, ශ්‍රී ලංකාවේ ජර්මානු තානාපති ජෝන් රෝඩ් මහතා ජර්මානු රජය වෙනුවෙනුත් එම ගිවිසුමට අත්සන් තබන ලදී.
විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් අජිත් අබේසේකර මහතා සහ GIZ ආයතනයේ ශ්‍රී ලංකාවේ නියෝජිත ක්‍රිස්ටීන් ඉයන්ෆල්ඩ් මහත්මියද මෙම අවස්ථාවට සහභාගී විය.
0 Comments