කොරෝනා වෛරස් තත්ත්වයත් සමඟ එංගලන්තයේ සිරවී සිටි ශ්‍රී‍්‍ර ලාංකිකයන් 278 දෙනෙක් රැගත් ගුවන් යානයක් අද(07) අලුයම කටුනායක ගුවන් තොටුපොළට ළඟාවිය.
ඒ ලන්ඩන් නුවර පිහිටි හීත්රෝ ජාත්‍යන්තර ගුවන්තොටුපලේ සිටය.
ගුවන් මඟීන් සහ කාර්ය මණ්ඩලය ගුවන් තොටුපොළේදීම PCR පරික්ෂණය සඳහා යොමුකර තිබේ. එහි ප්‍රතිඑල ලැබෙන තෙක් පැමිණි පිරිස ගුවන් තොටුපොළ අවට පිහිටි හෝටල් හතරක රඳවා තැබීමට බලධාරීන් පියවර ගත්තේය.
කොරෝනා වයිරසය ආසාදනයවී ඇති බව අනාවරණය වුවහොත් ඔවුන් රෝහල් වෙත යොමු කිරීමටත් පියවර ගෙන තිබේ. අනෙක් මඟීන් දින 21 ක නිරෝධායන කාලයක් සඳහා යොමුකරන බව ගුවන් තොටුපොළ බලධාරීන් පවසයි.
0 Comments