
අමෙරිකාවේ තරුණ ප්‍රජාව අතර කොරෝනා වෛරසයේ ව්‍යාප්තවීම වැඩි වශයෙන් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.
සමාජ දුරස්ථ භාවය සම්බන්ධයෙන් නිසි සැලකිල්ලක් නොදැක්වීම මින් ප්‍රධාන කරුණක් බවත් ඔවුන්ගෙන් සමාජයේ අනෙක් නිරෝගී පුද්ගලයින්ට වෛරසය ව්‍යාප්තවීමේ වැඩි අවධානමක් පවතින බවයි එරට වසංගත රෝග වැළැක්වීමේ දෙපාර්තමේන්තුවේ හිටපු ප්‍රධානි වෛද්‍ය ටොම් ෆ්‍රීයිඩන් වැඩිදුරටත් සඳහන් කරයි.
මේ අතර අමෙරිකාව තුල නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය යලි වේගවත් වී තිබේ. ඊයේ දිනයේදී කොරෝනා ආසාදිත රෝගීන් 32,349ක් වන අතර මරණ සංඛ්‍යාව 424ක් වේ. මේ අතර බ්‍රසීලයේ ඊයේ දිනය තුළ කොරෝනා ආසාදිත රෝගීන් 34,666ක් වාර්තා වී තිබේ. ජිවිතක්ෂයට පත්ව ඇති පුද්ගලයින් ගණන 1,022ක් වේ.
The post ඇමෙරිකාවේ සහ බ්‍රසීලයේ කොරෝනා ව්‍යාප්තිය ඉහළට. appeared first on Lanka News Column.

0 Comments