Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මිහින්තලා-ලේක්හවුස් ආලෝක පූජාව හෙට ජනපති ප්‍රධානත්වයෙන්

මිහින්තලා-ලේක්හවුස් ආලෝක පූජාවක් සඳහා ප්‍රථම වරට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ සම්ප්‍රාප්තිය හෙට (05) පොසොන් පොහොය දා මිහින්තලයේ දී සිදුවෙයි.

අනුබුදු මිහිදු මහ රහතන් වහන්සේ වැඩම කර වසර 2,328ක් සපිරෙන පොසොන් මහා පින්කම සමඟ ලේක්හවුස්-මිහින්තලා 58 වැනි ආලෝක පූජාව පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.

එදින උදෑසන කෘතවේදී පින්කම් රැසක්ම පැවැත්වීමට අවශ්‍ය කටයුතු සූදානම් කර ඇත. පෙහෙවස් සමාදන්වීම්, ආගමික කටයුතු, ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා එහිදී පැවැත්වෙන අතර, ජාතික රූපවාහිනි ආයතනය විසින් ලොව පුරා සජීවීව විකාශය කිරීමට ද කටයුතු යොදා ඇත.

එදින සවස 5.00ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සම්ප්‍රාප්තිය සිදු වන අතර, ඉන් අනතුරුව තෛයිනිකායික මහා නාහිමිපාණන් වහන්සේලාගේ වැඩම කිරීම සිදු වූ පසු මිහිදු මහ රහතන් වහන්සේගේ පිළිරුවට පුෂ්පෝපහාර පැවැත්වීම සිදු කෙරේ. ත්‍රෛයිනිකායික මහා නාහිමිපානන් වහන්සේලා ප්‍රමුඛ මහා සංඝරත්නය සමඟ ජනාධිපතිවරයා ධාතුන් වහන්සේලා වැද පුදා ගැනීමෙන් අනතුරුව ලෝක පරිසර දිනය වෙනුවෙන් මිහින්තලා පුද බිමේ දී ජනාධිපතිවරයා විසින් සල් පැළයක් රෝපණය කිරීමටද නියමිතය. මෙහිදී ජනාධිපතිවරයා විසින් සමරු මුද්දරයක් නිකුත් කිරීමට ද නියමිතය. ඉන් අනතුරුව ජාතික පොසොන් පණිවිඩය නිකුත් කිරීමටද නියමිතය.ඉන් අනතුරුව ත්‍රෛයිනිකායික මහා නාහිමිපාණන් වහන්සේලා සමඟ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මිහින්තලා ලේක්හවුස් විදුලි බල මණ්ඩල 58 වැනි ආලෝක පූජාව විවෘත කර මිහින්තලා පුද බිම ඒකාලෝක කිරීමට නියමිත අතර, ලේක්හවුස් ආයතනයේ ආලෝක පූජාවක් විවෘත කිරීමට ප්‍රථම වරට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සහභාගිවීම ඉතිහාසගත වන කරුණකි.මෙදින රාත්‍රි සිට ඊට පසු දින පහන් වන තුරු මිහින්තලා පුදබිමේ සිට රතන සූත්‍රය දේශනා කිරීමද නියමිතය. මෙදිනද ලේක්හවුස් ආයතනයේ නිලධාරීන් ද සහභාගිවීමට ද නියමිතය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();