පොදු ප්‍රවාහන සේවා සම්බන්ධව අවසාන තීරණය ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා සමග හෙට(08) පැවැත්වෙන සාකච්ඡාවෙන් පසුව ගන්නා බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
පොදු ප්‍රවාහන සේවා සාමාන්‍ය පරිදී හෙට සිට පවත්වාගෙන යාමට ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශය මීට පෙර සැලසුම් කර තිබුණි.
පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ජනාධිපතිතුමාගේ ප්‍රදානත්වයෙන් හෙට පැවැත්වේ. එහිදී ලබා දෙන උපදෙස් සහ සෞඛ්‍ය උපදෙස් මත පොදු ප්‍රවාහන සේවාවන් ක්‍රියාත්මක කිරීම පිළිබද සැලසුම් කරන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා සදහන් කළේය.
ආසන ගණනට පමණක් ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කිරීමේදී දැනට පවතින ලංගම සහ පෞද්ගලික බස්රථ ප්‍රමාණවත් නොවන බව පෙනී ගොස් තිබේ. ඊට විකල්පයක් ලෙස සංචාරක සේවා මෙන්ම දැනට ලියාපදිංචිය සදහා පොරොත්තු ලේඛණයේ ඇති බස් රථ මගී ප්‍රවාහනය සදහා තාවකාලිකව ලියාපදිංචි කිරීමට පියවර ගෙන ඇත. ඒවා අවශ්‍ය වුවහොත් පමණක් යොදා ගන්නා ලෙසයි උපදෙස් ලබා දී තිබේ.
0 Comments