ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ ඝාතනයට එරෙහිව අද 11 වන දිනටත් අමෙරිකාව ඇතුළු රටවල් ගණනාවක විරෝධතා ක්‍රියාත්මක කෙරුණි.
කැනේඩියානු අගමැති ජස්ටින් ටෘඩෝද විරෝධතා සඳහා සහාය පළකිරීම විශේෂත්වයකි.
ෆ්ලොයිඩ්ගේ අවසන් කටයුතු ජුනි 9 වන අගහරුවාදා සිදු කිරීමට නියමිතයි.
ප්රජාතන්ත්රවාදය සහ මානව හිමිකම් පිළිබද සමස්ත ලෝකයටම පාඩම් කියාදෙන අමෙරිකාව මොහොතකට සලිත කරමින් ජෝර්ජ් ෆ්ලොයිඩ් නම් කළු ජාතිකයා පොලිස් නිලධාරියෙකුගේ කෘෘරත්වය හමුවේ ජීවිතයට සමුදුන්නේ පසුගිය මස 25 වැනිදායි.
ෆ්ලොයිඩ්ගේ ඝාතනයෙන් දැඩි සේ ආවේගයට පත්වූ කළු අමෙරිකානුවන් අතරින් හටගත් විරෝධය අද වනවිට අමෙරිකාවම කම්පාවට පත් කර ඇත්තේ ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් ඔවුන් මවාගෙන තිබූ ප්‍රතිරූපයට හානි කරමින්ය.
මිනියාපොලිස් නගරයේ සිට ආරම්භ වූ විරෝධතා වොෂින්ටන් අගනුවර ධවල මන්දිරය දක්වාත්, ඉන් ඔබ්බට ගොස් ප්‍රංශය, ඔස්ට්‍රේලියාව, කෙන්යාව වැනි තවත් රටවල් දක්වා ව්‍යාප්ත වී හමාරයි.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මෙතෙක් පැවති විරෝධතා අතරින් ඉතා සාමාකාමිව ගෙවුණු දිනය ලෙස අද සැලකිය හැකි බවයි.
වොෂින්ටනයේ ධවල මන්දිරය ඉදිරිපිට අද පැවති විරෝධතා නව මුහුණුවරක් ගත්තේය.
ඇතැම් විරෝධතාවල පෙරමුණ ගෙන සිටියේ දරුවන්ය.
විරෝධතාකරුවන් පවසන්නේ, තම අයිතීන් වෙනුවෙන් පෙනී සිටි මාර්ටින් ලූතර් කින්ග් ඝාතනයෙන් වසර 52ක් ගත ඇති මොහෝතේත් අමෙරිකාව කළු ජාතිකයින්ට සළකන ආකාරයේ වෙනසක් නොමැති බවයි.
ධවල මන්දිරය ඉදිරිපස මාර්ගයට තීන්ද බාල්දි සහ පින්සල් රැගෙන පැමිණි කළු ජාතිකයින් තම ප්‍රමුඛතම සටන් පාඨය එහි ලියනු ලැබුවේය.
ඉන් පසු ධවල මන්දිරයට දිවෙන මෙම මාර්ගය බ්ලැක් ලයිව්ස් මැටර් ප්ලාසා ලෙස නම්කිරීමට කළු ජාතික කාන්තාවක් වූ වොෂිංටන් නගරාධිපති මියුරියල් බොවුසර් පියවර ගත්තේය.
එපමණක් නොව විරෝධතා විසුරුවා හැරීම සදහා අගනුවරට කැදවා ඇති හමුදා ඛණ්ඩ විසුරුවා හරින ලෙසටත් ඇය ඉල්ලා සිටීම විශේෂත්වයකි.
මේ අතර මියගිය ෆ්ලොයිඩ් වෙනුවෙන් පැවැති අවමංගල මෙහෙයක් අතර මිනියාපොලිස් නගරාධිපතිවරයා ක්‍රියාකළ ආකාරය ලෝකයේම අවදානයට ලක්ව තිබේ.
නමුත් මේ ක්‍රියාවට විරෝධය පළකරන පිරිස් පවසන්නේ, මිනියාපොලිස් නගරාධිපතිවරයා කිඹුල් කඳුළු හෙළන බවයි.
ඒ අතර ඊයේ නිව්යෝර්ක් නුවරදි 75 හැවිරිදි විරෝධතාකරුවෙකු තල්ලු කළ කැරළි මර්දන ඒකකයේ නිලධාරීන් දෙදෙනාගේ වැඩ තහනම් කර තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඊට ප්‍රතිචාර දක්වමින් සෙසු කැරළි මර්දන ඒකකයේ නිලධාරීන් 57 දෙනාද හදිසි ප්‍රතිචාර කණ්ඩායමෙන් ඉල්ලා අස්වී ඇති බවයි.
ග්වන්තනාමෝ කඳවුර පවත්වාගෙන යාම ඇතුළු තීරණාත්මක උද්ඝෝෂණවලට සහභාගි ව තිබූ ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය ජීවිත තර්ජනය එල්ල නොකරන බව විදෙස් වාර්තාවල සඳහන්ය.
මේ අතර, පසුගියදා ජනාධිපති ට්‍රම්ප්ගේ ක්‍රියා කළාපය සම්බන්ධයෙන් කළ විමසීමකදී වැඩි කාලයක් නිරුත්තරව සිටි කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ට්රෘඩෝ ඊයේ කැනඩාවේ පැවැති ජාතිවාදයට එරෙහි විරෝධතාවකට සහාය දැක්වූවේය.
කැනේඩියානු පාර්ලිමේන්තුව ඉදිරිපිට පැවැති නෝ ජස්ටිස් නෝ පීස් නමැති මෙම විරෝධතාවට අගමැතිවරයා එක්වුණේ සියලුදෙනා මවිතයට පත්කරමින්ය.
කෙසේ වෙතත් මෙම සිද්ධියෙන් අනතුරුව ඇතැම් පිරිස්, සමාජ මාධ්‍ය ඔස්සේ කැනේඩියානු අගමැතිවරයාට දැඩි විවේචන එල්ල කිරීමට කටයුතු කර තිබුණි.
ඒ ඔහු මීට වසර ගණනාවකට පෙර කළු ජාතිකයින්ට අපහාස වන අයුරින් ගත් ඡායාරූපයක් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ නිකුත් කරමින්ය.
මේ අතර අද නිකුත් වූ අලුත්ම වාර්තාවක දැක්වුණේ ඝාතනයට ලක්වූ ෆ්‍රොයිඩ් සහ සැකකාර පොලිස් නිලධාරී ඩෙරික් ෂාවින් දෙදෙනා මීට මාසය කිහිපයකට පෙරාතුව එකම සමාජ ශාලාවක සේවයේ නිරතව සිට ඇති බවයි.
එමෙන්ම සෑම අගහරුවාදා දිනකම එකම සේවා මුරයක කටයුතු කර ඇති බව එම සමාජ ශාලා හිමිකාරිය උපුටාදක්වමින්, නවසීලන්ත ප්රවෘත්ති සේවයක් සදහන් කර තිබුණි.
from silumina
0 Comments