අත්‍යවශ්‍ය රාජකාරී සඳහා පැමිණීමට අද දිනයේ (01) මගීන් 19,593 ක් ඉල්ලුම් කර ඇති අතර මගීන්ගේ ගමන් පහසුව සඳහා දුම්රිය 35 ක් ධාවනයට එක්කොට ඇතැයි අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරී වාණිජ වී. එස්. පොල්වත්තගේ මහතා පැවසීය.
ආයතනවලින් මගීන් 19,593 කගේ නාමලේඛන එවා ඇතත් මගීන් 21,239 කුට ගමන් කිරීම සදහා දුම්රිය ආසන වෙන්කර තිබේ.
ප්‍රධාන මාර්ගයේ දුම්රිය 12ක්, මුහුදු බඩ මාර්ගයේ දුම්රිය 12ක්, කැළණිවැලි මාර්ගයේ දුම්රිය 06ක්, උතුරු මාර්ගයේ දුම්රිය 02ක්, හලාවත මාර්ගයේ දුම්රිය 03ක් මේ අනුව ධාවනයට යොදවා ඇත. මීට අමතරව නුවර හා බෙලිඅත්ත දක්වා නගරාන්තර දුම්රිය දෙක ද ධාවනය කෙරේ.
අද (01) මහනුවර දුම්රිය ස්ථානයෙන් උදෑසන 05.20, 05.50 දුම්රිය දෙකක්ද, රඹුකන දුම්රිය ස්ථානයෙන් උදෑසන 06.00, පොල්ගහවෙල දුම්රිය ස්ථානයෙන් උදෑසන 06.00, මීරිගම දුම්රිය ස්ථානයෙන් උදෑසන 06.45, වේයන්ගොඩ දුම්රිය ස්ථානයෙන් උදෑසන 06.00, 07.10, 07.20 දුම්රිය තුනක්ද, ගම්පහ දුම්රිය ස්ථානයෙන් උදෑසන 07.00, 07.25 දුම්රිය දෙකක්ද, රාගම දුම්රිය ස්ථානයෙන් උදෑසන 07.45, උතුරු දුම්රිය මාර්ගයෙන් මහව දුම්රිය ස්ථානයෙන් උදෑසන 04.45, කුරුණෑගල දුම්රිය ස්ථානයෙන් උදෑසන 06.05, හලාවත දුම්රිය ස්ථානයෙන් උදෑසන 04.20, 05.20, මීගමුව දුම්රිය ස්ථානයෙන් උදෑසන 06.50, කැළණිවැලි මාර්ගයේ අවිස්සාවේල්ල දුම්රිය ස්ථානයෙන් උදෑසන 04.50, 05.30, කොස්ගම දුම්රිය ස්ථානයෙන් උදෑසන 04.30, 05.30, හෝමාගම දුම්රිය ස්ථානයෙන් උදෑසන 07.20, මහරගම දුම්රිය ස්ථානයෙන් උදෑසන 07.20, මුහුදු බඩ මාර්ගයේ උදෑසන බෙලිඅත්ත දුම්රිය ස්ථානයෙන් විශේෂ දුම්රියක් 04.30, නගරාන්තර දුම්රිය උදෑසන 05.10, කාර්යාල මගීන් සඳහාඋදෑසන 05.20 දුම්රියක් ධාවනය කෙරේ. මීට අමතරව ගාල්ල දුම්රිය ස්ථානයෙන් උදෑසන 05.30, 06.15 දුම්රිය දෙකක්ද, අළුත්ගම දුම්රිය ස්ථානයෙන් දුම්රිය තුනක් උදෑසන 05.45, 06.10, 06.40, කළුතර දකුණ දුම්රිය ස්ථානයෙන් දුම්රිය දෙකක් උදෑසන 06.10, 07.00, පානදුර දුම්රිය ස්ථානයෙන් දුම්රිය දෙකක් උදෑසන 06.55, 07.10, මොරටුව දුම්රිය ස්ථානයෙන් උදෑසන 07.40ට දුම්රිය ධාවනයට එක්කෙරේ. නුවර හා බෙලිඅත්ත නගරාන්තර දුම්රියට අමතරව මෙම දුම්රියයන් ධාවනයට එක් කර ඇත.
0 Comments