කොරෝනා වසංගතයේ බලපෑම හේතුවෙන් දශක තුනක් ඇතුළත පළමු වතාවට ඕස්ට්‍රේලියාවේ ආර්ථික අවපාතයක් හටගෙන ඇතැයි දැනගන්නට තිබේ.
නිල සංඛ්‍යාලේඛන අනුව වසරේ පළමු මාස තුන ඇතුළත එරට ආර්ථිකයේ සියයට 0.3 ක අවපාතයක් ඇති වී ඇත. මේ කාලයේ දී එරට කොරෝනා වසංගතයේ මුල් අවධිය පැවැති අතර ලැව්ගිනි ද පැවැතිණි.
වසා දැමීම් නිසා රට ආර්ථික අවපාතයකට ගමන් කර ඇද්දැයි නිශ්චිතව සොයා බැලීමට දෙවන කාර්තුවේ දත්ත විශ්ලේෂණය කළ යුතුව ඇතැයි ආර්ථික විද්‍යාඥයෝ වැඩිදුරටත් පවසති. මේ තත්ත්වය උදා වී ඇත්තේ ආර්ථිකය නඟා සිටු වීමට ආණ්ඩුව සහ මහ බැංකුව පියවර රැසක්ම ගෙන තිබිය දීය.
වත්මන් දළ ජාතික නිෂ්පාදන දත්ත මඟින් පෙන්නුම් කරන්නේ සංචාරක කර්මාන්තයේ බිඳ වැටීම, දළ දේශීය ඉල්ලුම අඩු වීම සහ කොරෝනා වසංගතය පැතිරීම යන කාරණා හේතුවෙන් රටේ උද්ධමනය ඇති වී ඇති බවයි.
0 Comments