මුම්බායි නුවර කොරෝනා වසංගතය වෙනුවෙන් ඉදි කරනු ලැබූ තාවකාලික රෝහලක සිටි රෝගීන් සිය දෙනකු ඇතුළු දස දහසකට වැඩි පිරිසක් පැමිණීමට නියමිත ‘නිසර්ගා’ සුළි කුණාටුව නිසා එම ස්ථානයෙන් ඉවත් කර තිබේ.
අරාබි මුහුදේ නිරිත දිග ප්‍රදේශයෙන් හමාගෙන එන ‘නිසර්ගා’ 1891 න් පසු ඉන්දියාවට පැමිණෙන දරුණුතම සුළි කුණාටුව වේ. මිලියන 20ක ජනගහනයක් සිටින තදබදයෙන් පිරි ඉන්දියාවේ වෙළෙඳ අගනගරය වන මුම්බායි හි වෛරස් ආසාදිතයන් 40,000ක් සිටින අතර මරණ 1,400ක් වාර්තා වී ඇත
0 Comments