Ticker

6/recent/ticker-posts

Header Ads Widget

හෙවිවේට් බොක්සිං ශූරයාගෙන් මයික් ටයිසන්ට අභියෝගයක්

හිටපු ලෝක හෙවිවේට් බොක්සිං ශූර මයික් ටයිසන් සමග තරග වැදීමේ අවස්ථාවක් නොලැබුණ ද එවැනි තරගයකට සහභාගිවීමේ අවස්ථාව උදාවන්නේ නම් නරඹන්නන් විමතියට පත් කිරීමට තමාට හැකියාව ඇතැයි වත්මන් බොක්සිං වළල්ලේ සුපිරි හෙවිවෙට් ශූර ඇන්තනී ජෝෂුවා ප්‍රකාශ කළේය. ‘අප දෙදෙනා අතර තරගයක් පැවත්වූවා නම් මම ඔහුට (ටයිසන්) පූර්ණ ගෞරවය ලබාදෙමින් ඊට අවතීර්ණ වෙනවා. ඒ වගේම මම ඔහු පුදුමයට පත් කරවනවා.‘ ජෝෂුවා එසේ කීවේය. ‘ඔහු සමග තරගයක් පැවැත්වූවා නම් එම තරගයෙන් මම ජයග්‍රහණය කරන බව මට විශ්වාසයි. නමුත් ඔහු ශ්‍රේෂ්ඨ ක්‍රීඩකයෙක්. ඔහු නූතන යුගයේ ශ්‍රේෂ්ඨතම බොක්සිං ක්‍රීඩකයායි. ලෝකයේ එවැනි ක්‍රීඩකයන් දෙදෙනායි සිටියේ. ඔහු සහ මොහොමඩ් අලි.‘ ජෝෂුවා පැවැසීය.

දැනට 54 හැවිරිදි වියේ පසුවන මයික් ටයිසන් යළි බොක්සිං වළල්ලට සේන්දු වන බවට පසුගිය කාලයේ කතාබහට ලක්වූව ද එය තවමත් අවිනිශ්චිතය.

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();