නේපාලයේ පැවැති 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී තහනම් උත්තේජක ලබාගත් බවට පාකිස්තාන ක්‍රීඩකයන් තිදෙනකුට චෝදනා එල්ල විය.කෙසේ වෙතත් මින් ක්‍රීඩකයන් දෙදෙනකු මේ චෝදනා ප්‍රතික්ෂේප කිරීමට කටයුතු කර ඇති අතර එක් ක්‍රීඩකයකු දන්වා ඇත්තේ ආබාධයක් හේතුවෙන් ඖෂධ ලබාගත් බවයි.
දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී මීටර් 400 සහ මීටර් 110 කඩුලු පැනීමේ ඉසව්වේ රන් පදක්කම් දිනාගත් මෙහෙබූබ් අලී සහ මොහොමඩ් නයීම් සමග මීටර් 100 ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගත් සමී උල්ලාහ් මෙලෙස තහනම් උත්තේජක පරීක්ෂණ අසමත් වූහ. මේ සම්බන්ධයෙන් කමිටුවක් පිහිටවූ පාකිස්තාන මලල ක්‍රීඩා සංගමය ‘බී’ නියැදි පරීක්ෂාවකින් තොරව ඔවුන්ගේ ක්‍රීඩා කටයුතු අත්හිටුවීමට කටයුතු කළේය.
කෙසේ වෙතත් මේ ක්‍රීඩකයන් තිදෙනාගෙන් මෙහෙබූබ් අලී සහ මොහොමඩ් නයීම් මේ පරීක්ෂණ ප්‍රතිඵල ප්‍රතික්ෂේප කරමින් ඉල්ලා ඇත්තේ ‘බී’ සාම්පල පරීක්ෂාවක් සිදු කරන ලෙසයි.
පාදයේ ආබාධයක් හේතුවෙන් ඖෂධ ලබාගත් බවත්, තමන් දැනවුත්ව කිසිදු තහනම් ද්‍රව්‍යයක් භාවිතා නොකළ බවත් දන්වා ඇති සමී උල්ලාහ් එමගින් නොදැන යම් වරදක් සිදු වී ඇති නම් ඒ පිළිබඳ සමාව අයැද සිටින බව කියා ඇත.
තහනම් උත්තේජක පරීක්ෂණ අසමත් වූ මේ ක්‍රීඩකයන් තිදෙනා පාකිස්තාන මලල ක්‍රීඩා සංගමය හරහා මේ කරුණු දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ තහනම් උත්තේජක පාලන කමිටුව වෙත යොමුකර තිබේ.
ලෝක තහනම් උත්තේජක මර්දන ආයතනයට අනුව, ක්රීඩකයකුට ඔවුන්ගේ ‘ඒ’ නියැදියේ පරීක්ෂණ වාර්තාවට අභියෝග කළ හැකි අතර අගතියට පත් මලල ක්‍රීඩකයාගෙන් එවැනි ඉල්ලීමක් ලැබීමෙන් පසු, මලල ක්‍රීඩකයාගේ ‘බී’ නියැදි පරීක්ෂා කළ හැකිය. කවුරුන් හෝ ‘බී’ නියැදි පරීක්ෂණය සඳහා තෝරා ගන්නේ නම්, මේ පරීක්ෂණය සඳහා වන සියලු යදම් ගෙවීමටද සිදුවේ.
0 Comments