මේ දිනවල රට පුරා සහල් වැඩි මිලට විකුණන වෙළෙඳුන් සොයා වැටලීම් සිදු කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති විශ්රාමික මේජර් ජනරාල් ශාන්ත දිසානායක මහතා පවසයි.
සහල් වැඩි මිලට විකුණන වෙළෙඳසල් සහ වෙළෙඳුන්ට එරෙහිව නඩු පවරන බව කියා සිටින ඒ මහතා කුඩා පරිමාන වී මෝල් හිමියන් විසින් නිකුත් කරනු ලබන සහල් මේ දිනවල වෙළෙඳපළට ලැබෙමින් පවතින බවත් සහල් වැඩි මිලට අළෙවි නොකරන ලෙසත් වෙළෙඳුන්ගෙන් ඉල්ලා සිටී.
එමෙන්ම සහල් පාලන මිල ඉක්මවා විකුණන වෙළෙඳුන් වෙතොත් 1977 පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ හදිසි දුරකතන අංකයට විස්තර ලබා දෙන මෙන්ද පාරිභෝගික ජනතාවගෙන් ඉල්ලා සිටි.
0 Comments