කොවිඩ් - 19 වෛරසය ආසාදනය වී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා සෙබලුන් 09ක් සුව වී 02 වන දින එම රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත.
මෙම නාවික හමුදා සාමාජිකටන් සියලු දෙනාම කොවිඩ් - 19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් ප්‍රතිකාර සඳහා රෝහල් වෙත යොමු කර තිබූ අතර ඔවුන්ගෙන් 05 දෙනකු මිනුවන්ගොඩ රෝහලින්ද හතර දෙනකු අයිඩීඑච් රෝහල වෙතින්ද ප්‍රතිකාර ලබා ගන්නා ලදී.
මෙම නාවික හමුදා සෙබලුන් 09 ද ඇතුළුව මේ වන විට වෛරසය ආසාදනය වී රෝහල් ගත කල සමස්ත නාවික හමුදා සෙබලුන්ගෙන් 424ක් සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇත. රෝහල් වෙතින් පිටත්ව ගියද මෙම සියලුම පුද්ගලයන් සෞඛ්‍ය උපදෙස් මත තවදුරටත් දින 14ක නිරෝධායන ක්‍රියාවලියක් සඳහා යොමු කිරීමට නාවික හමුදාව කටයුතු කර ඇත.
0 Comments