Ticker

6/recent/ticker-posts

Header Ads Widget

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට 290 දෙනෙක් දිවයිනට

කොරෝනා වසංගත රෝග තත්ත්වය නිසා ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 290 දෙනෙකු රැගෙන විශේෂ ගුවන් යානයක් ඩුබායි සිට පැමිණ තිබේ.
 
අද(18) අලුයම 5.35 ට ඩුබායි සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්- 226 දරන විශේෂ ගුවන් යානයෙන් ඔවුන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇත.
 
මෙම ගුවන් මගීන් පිරිස සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුබද්ධිත රෝහල් කාර්යය මණ්ඩලයක් විසින් , ගුවන් තොටුපලේදීම PCR පරීක්ෂණ සඳහා ලක් කෙරුණි.
 
එම පරීක්ෂණවල ප්‍රතිඵල ලැබෙන තෙක් , මෙම ගුවන් මගීන් පිරිස කටුනායක ගුවන් තොටුපළ අවට හෝටල් 04 ක තාවකාලිකව නවාතැන් ගැනීමට පහසුකම් සළසා ඇති බව සෞඛ්‍ය බලධාරීන් සදහන් කරයි.
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();