Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සුවය ලැබු ආසාදිතයින් ගණන 1122 දක්වා ඉහළට

තවත් කොරෝනා ආසාදිතයින් 65 ක් අද (10) දිනය තුළ පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
 
ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 1122 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
 
මෙරටින් මෑතකදී හඳුනා ගත් අඩුම කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ(09) දිනයෙන් වාර්තා විය. සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ, ඊයේ දිනයේ ආසාදිතයින් දෙදෙනෙකු පමණක් හඳුනාගත් බවයි.
 
ඊයේ දිනයේ හඳුනාගත් ආසාදිතයින් දෙදෙනාගෙන් එක් අයෙකු කටාර් සිට පැමිණ අම්පාර නිරෝධායන මධ්‍යස්ථානයේ රඳවා සිටි  පුද්ගලයෙකු වන අතර අනෙක් පුද්ගලයා නිරෝධායනයට යොමු කර සිටි නාවික හමුදා සාමාජිකයෙකි.‍
 
මෙරටින් මේ වන විට හඳුනාගෙන ඇති කොවිඩ් 19 ආසාදිතයින් ගණන 1859 කි.
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();