Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මැතිවරණයට එරෙහි පෙත්සම් විභාගයට ගන්නේද? නැද්ද?-තීන්දුව හෙට සවස 03ට

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සහ මැතිවරණයට දින නියම කිරීම අභියෝගයට ලක්කරමින් ඉදිරිපත් වී ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට ගන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් වන තීන්දුව හෙට(02)  පස්වරු 03.00 ට ප්‍රකාශයට පත්කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී තිබේ.
 
අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම් අද (01) දස වැනි දිනටත් සලකා බැලූ අවස්ථාවේදි අගවිනිසුරු ජයන්ත ජයසුරිය මහතා මේ බව ප්‍රකාශ ක‍‍ළේය.
 
අගවිනිසුරු ජයන්ත ජයසූරිය , බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෘෘ , ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මලල්ගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ පෙත්සම් සළකා බැලීම සිදු විය.
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();