ශ්‍රී ලංකා ගුවන් හමුදා වන්නි කදවුර තුළ පිහිටා ඇති නිරෝධනය මධ්‍යස්ථානයේ දි නිරෝධානයට ලක් වු නාවික හමුදා සාමාජිකයන්ගේ පවුල් වල සාමාජිකයන් හා අසල්වැසියන් 180 දෙනෙකු (පිරිමි 92 ගැහැණු 88) දින 14 ක නිරෝධායන කටයුතු අවසන් විමෙන් අනතුරුව ඊයේ (15) සිය නිවෙස් බලා පිටත් විය.
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතාගේ උපදෙස් මත නිරෝධායන කාල තුලදි නිරෝධායනට ලක්වු පුද්ගලයන් සදහා අවශ්‍ය සියලුම පහසුකම් මෙම නිරෝධායන මධ්‍යස්ථානය තුලදී සපයා දීමට ගුවන් හමුදාව කටයුතු කරනු ලැබිය.
වන්නි ගුවන් හමුදා කදවුරේ අණදෙන නිලධාරි එයාර් කොමඩෝර් ඉන්ද්‍රජිත් විරසුරිය ඇතුලු කාර්ය මණ්ඩලයේ අධීක්ෂණය යටතේ මෙම පිරිස නිරෝධායනයට ලක් කෙරුණු අතර නිරෝධායන ක්‍රීයාවලියෙන් අනතුරුව ඔවුන් හට ප්‍රවාහන පහසුකම්ද සලසා දෙමින් සිය නිවෙස් කරා පිටත් කර හැරිමට ගුවන් හමුදාව කටයුතු කරන ලදි.
0 Comments