කොවිඩ් 19 වෛරසය ලොවපුරා ව්‍යාප්ත වීමත් සමග ශ්‍රී ලංකා තේ (Ceylon Tea) සඳහා වන ඉල්ලුම ඉහළ ගොස් තිබෙන බව වාර්තා වේ.
මෙම ඉල්ලුම හේතුවෙන් ලෝක වෙළඳපොල තුළ මෙරට නිෂ්පාදිත තේ කිලෝවක මිල ද ඉහළ ගොස් තිබෙන බව සදහන් වේ.
කොවිඩ් අවදානම හේතුවෙන් වෙනත් අංශවල නිෂ්පාදන බිඳවැටී තිබුණද තේ කර්මාන්තය ආශ්‍රිත ක්‍රියාවලිය දිගින් දිගටම අඛණ්ඩව ක්‍රියාත්මක විය. මේ අතර ලෝක වෙළඳපොලට තේ කොළ සපයන සෙසු රටවල් නිෂ්පාදන කටයුතු සිදු නොකරන බැවින් සිලෝන් ටී සඳහා තිබෙන ඉල්ලුම ඉහළ ගොස් තිබේ.
0 Comments