Ticker

6/recent/ticker-posts

Header Ads Widget

බෙලිඅත්ත කෝච්චියේ එක් කෙනෙක් විතරයි

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක දෙක හැර සෙසු දිස්ත්‍රික්ක වල ඇඳිරිනීතිය අද අලුයම 5.00ට ලිහිල් කළේය. ඒ අනුව මාස එකහමාරක කාලයට පසු මෙරට දුම්රිය ගමනාගමනයද සුපුරුදු ලෙස ආරම්භ විය. බෙලිඅත්ත සිට කොටුව බලා දිවෙන දුම්රියද අද අලුයම බෙලිඅත්ත දුම්රිය ස්ථානයට ලඟා විය. ඒ සුපුරුදු පරිදි අලුයම 5.10 ට නියමිත දුම්රිය ලෙසයි.

නියමිත දුම්රියේ ගමන් කිරීමට මගින් තිදෙනෙකු ලියාපදිංචිවී සිටියහ. එහෙත් අලුයම දුම්රියෙන් යාමට පැමිණ තිබුණේ එක මගියෙකු පමණි. පුරවා ලියාපදිංචියෙන් තොරව තවත් මගින් කිහිප දෙනෙකු පැමිණ තිබුනද ඊට අවසරය නොලැබිණි. අවසානයේ ශරීර උෂ්ණත්වය පරීක්ෂා කිරීම ඇතුළු සියලු සෝදිසි කිරීම් වලින් පසුව නියමිත ආසනයේ වාදී වී එක මගියෙක් පමණක් අද අලුයම බෙලිඅත්තේ සිට දුම්රියෙන් ගමන් අරඹා සිය රාජකාරියට ගියේය. ඒ යුධ හමුදා නිලධාරීන්ගේ ආරක්ෂාව මැදය.

The post බෙලිඅත්ත කෝච්චියේ එක් කෙනෙක් විතරයි appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();