ශ්‍රී පාද රක්ෂිතය ආසන්නයේ සැරිසරමින් සිටියදී උගුලකට හසුවී මියගිය කළු කොටියාගේ පශ්චාත් මරණ පරීක්ෂණය පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ, පශු වෛද්‍ය පීඨයේදී සිදු කිරීමට හැටන් මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.
ඒ සඳහා මිය ගිය කළු කොටියාගේ දේහය මැයි 29 වැනිදා පස්වරුවේ උඩවලවේ සිට පේරාදෙණියට රැගෙන ගොස් ඇත .
වන සතෙකු මියගිය විට පශ්චාත් මරණ පරීක්ෂණය සාමාන්‍යයෙන් සිදු කරනු ලබන්නේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍යවරු විසිනි.
එහෙත් බොහෝ දෙනාගේ අවධානයක් යොමුව ඇති කළු කොටියාගේ පශ්චාත් මරණ පරීක්ෂණය පේරාදෙණිය, පශු වෛද්‍ය පීඨයේදී සිදු කිරීමට අවසර දෙන මෙන් වන ජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලීමක් කර ඇත .
The post කළු කොටියාගේ මරණය -අධිකරණ නියෝගයක් . appeared first on Lanka News Column.
0 Comments