මධ්‍යම පළාත් සභාව මඟින් තමන්ට ලබා දීමට තිබූ දීමනා කප්පාදු කිරීම සහ ප්‍රවාහන පහසුකම් ලබා නොදීම සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් අද (26)දින දඹුල්ල මූලික රෝහල ඉදිරිපිට දී හෙද හෙදියෝ නිලධාරීන් පිරිසක් නිහඬ විරෝධතාවක නිරත වූහ.
ඔවුහු තම සේවා දීමනා සහ පහසුකම් ඉවත්කිරීම පිළිබඳව වදන් සහිත පුවරු ප්‍රදර්ශනය කරමින් මෙම හෙද නිලධාරීන් විරෝධතාවයේ නිරත වූහ.
දඹුල්ල මූලික රෝහලේ හෙද නිලධාරීනියන් හා නිලධාරීන් 20 කට අධික සංඛ්‍යාවක් මෙම අවස්ථාවට සහභාගී ව තිබුණි. එහිදී මාධ්‍යයට අදහස් දැක්වූ සමස්ත ලංකා හෙද නිලධාරීන්ගේ සංගමයේ දඹුල්ල ශාඛාවේ ලේකම් සමන් විජේරත්න කියා සිටියේ, මධ්‍යම පළාත් සභාව මඟින් තමන්ට ගෙවීමට නියමිතව තිබූ දීමනා රැසක් මේ වන විට කප්පාදු කර ඇති බවයි. ඒ සමඟම තමන්ට නිසියාකාරව මේ වන තෙක් ප්‍රවාහන පහසුකම් ලබා නොදීම හේතුවෙන් මෙම නිහඬ විරෝධතාවය පවත්වන බවයි.
The post මධ්‍යම පළාත් සභාව හෙද හෙදියෝ විරෝධයක appeared first on Lanka News Column.
0 Comments