කොරෝනා වෛරසය සඳහා හයිඩ්‍රොක්සික්ලෝරොක්වීන් අත්හදා බැලීම නැවැත්වීමට ලෝක සෞඛ්‍ය සංවිධානය තීරණය කර තිබේ.
සෞඛ්‍ය ආරක්ෂිත හේතූන් මත මෙම තීරණය ගෙන ඇති බව ඔවුහු පවසා සිටිති.
මෑතකදී කළ අධ්‍යනයකින් එම ඖෂධය කොවිඩ්-19 රෝගයෙන් මිය යාමේ අවදානම වැඩි කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එහෙත් තමන් විසින් භාවිතා කරන මෙම ඖෂධය ඉදිරියටත් කොවිඩ්-19 ට එරෙහි ප්‍රතිකාරකයක් ලෙස භාවිත කරන බව ජනපති ට්‍රම්ප් ප්‍රකාශ කර තිබුණි.
මේ අතර කොරෝනා වෛරස පිළිබඳ පරීක්ෂණ සඳහා විනිවිදව සහ විවෘතව එක්වීම පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයට ප්‍රශංසා කර තිබේ. ඇමෙරිකාව සහ තවත් රටවල් චීනය දැඩිව විවේචනය කරන පසුබිමකදී කෙරෝනා වෛරසයේ ආරම්භය පිළිබඳ විනිවිද පරීක්ෂණ සඳහා චීනය ජාත්‍යන්තරයට විවෘත කිරීම මෙහිදී ලෝක සෞඛ්‍ය සංවිධානය අගය කර තිබේ.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රොස් ඇඩොනොම් ප්‍රකාශ කර ඇත්තේ, කෙරෝනා වෛරසයේ පරීක්ෂණ සම්බන්ධයෙන් චීනය දක්වන උනන්දුව සතුටට කරුණක් බවයි.
එහෙත්, කොරෝනා වෛරසයේ ආරම්භය හඳුනාගැනීම පිළිබඳ පරීක්ෂණ සඳහා ජාත්‍යන්තරයට සිය රට විවෘත කිරීමට තීරණය කරමින් චීන විදේශ ආමාත්‍යවරයා සඳහන් කළේ, එම පරීක්ෂණ නිසැකවම දේශපාලන මැදිහත්වීමකින් තොරව සිදු කළ යුතු බවයි.
The post ඇඩොනොම්ගෙන් චීනයට ප්‍රශංසා appeared first on Lanka News Column.
0 Comments