ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථා සේවකයන්ගේ මැයි සහ ජූනි මාසවල වැටුප් ගෙවීම හා අනෙකුත් වියදම් පියවාගැනීම සදහා රුපියල් කෝටි 20ක ණය මුදලක් ලබාගැනීමට තීරණය කර ඇතයි වාර්තා වෙයි. ණය මුදල ලංකා බැංකුවෙන් ලබාගැනීම සදහා මහා භාණ්ඩාගාරයෙන් ඇපකරයක් ලබාදෙන්නැයි තොරතුරු සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කැබිනට් සංදේශයක් මගින් ඉල්ලීමක් කර තිබේ.
රූපවාහිනී සංස්ථාවේ සේවකයන් 934 දෙනකු සිටියි. ඔවුන්ට වැටුප් ගෙවීම සදහා රුපියල් කෝටි 5ක පමණ මුදලක් මාසිකව වැය වන බව වාර්තා වේ. වැටුප් වලට අමතරව ඔවුන්ගේ අනෙකුත් දීමනා ගෙවීම සදහා මාසිකට රුපියල් කෝටි තුන හමාරක පමණ මුදලක් ද වැය වන බව රූපවාහිනී සංස්ථා ආරංචි මාර්ග පවසයි. කොරෝනා වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් රූපවාහිනී සංස්ථාවේ ආදායම විශාල වශයෙන් අඩුවී ඇතැයිද ලොතරැයි මණ්ඩල දෙකෙන් මාසිකව ලැබුණ රුපියල් කෝටි 6ක පමණ ආදායම සම්පූර්ණයෙන් අහිමි වී ඇතැයි ද ඇමතිවරයා විසින් කැබිනට් මණ්ඩලයට දැනුම්දී ඇත.
The post රුපවාහිනි පඩි ගෙවන්න ණය ඉල්ලයි appeared first on Lanka News Column.
0 Comments