කොවිඩ් 19 ආසාදිත ඇතැම් පුරුෂයන් සුවය ලැබීමෙන් පසුව පවා යම් කාලයක් ඔවුන්ගේ ශුක්‍ර තරලයේ වෛරසය පැවතිය හැකි බවත්, මෙම සොයාගැනීම වෛරසය ලිංගිකව සම්ප්‍රේෂණය වීමේ හැකියාවක් ඇත්ද යන සැකය මතුකරන බවත් චීනයේ කළ පර්යේෂණාගාර අධ්‍යයනයකදී අනාවරණ වී තිබේ.
මෙම අනාවරණය සිදුකර ඇත්තේ චීනයේ හෙනාන් පළාතේ පිහිටි ‘Shangqiu Municipal Hospital’ හී වෛද්‍ය පර්යේෂක කණ්ඩායමකි. ඔවුන් එහිදී පසුගිය කාලය තුළ ‘කොවිඩ්-19’ ආසාදනය වී රෝහල් ගත කළ පිරිසකගේ ශුක්‍රාණු සාම්පල පරීක්ෂා කිරීමෙන් පසුවය.
වයස අවුරුදු 25 ත් 50 ත් අතර වයස් කාණ්ඩයේ නව කොරෝනා වෛරසය ආසාදිතයන් 38 දෙනකුගෙන් ලබා ගත් ශුක්‍රාණු පරීක්ෂා කළ බවත්, ඔවුන්ගෙන් හයදෙනකුගේ ශුක්‍රාණුවල වෛරසය තිබී හමුවුණු බවත් එම වෛද්‍ය පර්යේෂකයෝ සඳහන් කරති.
මේ අනුව වයිරසය ලිංගිකව සම්ප්‍රේෂණය වීමේ ‘සීමිත ඉඩකඩක්’ පවතින බව එම පර්යේෂණ කණ්ඩායම විශ්වාසය පළකරයි. එහෙත් ශුක්‍රාණුවල ‘කොවිඩ්-19’ ආසාදනය වන වෛරසය ඇත්තේ සුළු පිරිසකගේ බවත් එනිසා වෛරසය ලිංගිකව සම්ප්‍රේෂණය වන බව නිශ්චිතව තහවුරු කරගැනීම සඳහා තවදුරටත් පර්යේෂණ කළ යුතු බව එම විද්‍යාඥයෝ පවසති.
කෙසේ වෙතත් මීට පෙර යම් යම් අවස්ථාවලදී කොරෝනා ආසාදිතයන්ගේ සහ ආසාදනය වී සුව වූ පුද්ගලයන්ගේ ශුක්‍රාණුවල වෛරසය ඇත්දැයි කුඩා පර්යේෂණ සිදු කර ඇත. ඒ කිසිවකදී ශුක්‍රාණුවල වෛරසය අඩංගුව තිබී නැත.
The post ශුක්‍රාණු වලත් කොවිඩ්..? appeared first on Lanka News Column.
0 Comments