කටුනායක පොලිස් වසමේ හීනටියන, මිනුවන්ගොඩ ප්රදේශයේදී සිදුවු වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.
ඊයේ (15) රාත්රී 09.30 ට පමණ අදාල පුද්ගලයා තම වැඩිමහල් සහෝදරයා සමඟ අසල වෙළෙඳසැලකට ගොස් යතුරුපැදියකින් නිවස වෙත ගමන් කරමින් සිටියදී ඔහුගේ නිවස ආසන්නයේ පදිංචිව සිටින පුද්ගලයින් දෙදෙනෙකු මාර්ගයේ රැක සිට මෙම වෙඩි තැබීම සිදු කර ඇත.
එහිදී තුවාල ලැබූ 38 හැවිරිදි පුද්ගලයා මීගමුව රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් තිබේ.
පෙර පැවති අමනාපයක් මත ඝාතනය සිදුව ඇති බවට අනාවරණය වී ඇති අතර සැකකරුවන් හදුනාගෙන ඇති බව පොලිසිය පවසයි. කටුනායක පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලැබේ.
0 Comments