කොරෝනා වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රථිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 26 දෙනෙකු ඊයේ (15) රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර තිබේ.
ඔවුන්ගෙන් 20 දෙනෙකු නාවික හමුදා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අතර තවත් සෙබළුන් 05 දෙනෙකු මුල්ලේරියාව රෝහලේ සහ එක් සෙබළෙකු හෝමාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියේය.
මේ අනුව ඊයේ දිනය වනවිට සුවය ලැබූ සමස්ත නාවික සෙබළුන් ප්‍රමාණය 177 කි.
මෙම සෙබළුන් රෝහල්වලින් මුදා හැරියද ඔවුන් තවදුරටත් දින 14 ක් නිරෝධායනය සඳහා යොමු කරන බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.
0 Comments