Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ප්‍රංශ විවෘත ටෙනිස් තරගාවලිය ප්‍රේක්‍ෂකයන් රහිතව

30 මැයි, 2020

කොවිඩ් 19 වසංගතය පැතිරීම හේතුවෙන් මැයි මාසයේ සිට සැප්තැම්බර් දක්වා කල් දැමූ ප්‍රංශ විවෘත තරගාවලි ප්‍රේක්‍ෂකයන් රහිතව පැවැත්විය හැකි බව රෝලන්ඩ් ගැරොස් සංවිධායකයෝ පවසති. කොවිඩ් 19 වසංගතයට ගොදුරු වීමෙන් ටෙනිස් ප්‍රජාව බේරා ගැනීමේ අරමුණින් මැයි 24 සිට ජූනි 7 දක්වා සැලසුම් කර තිබු ප්‍රංශ විවෘත ටෙනිස් තරගාවලිය සැප්තැම්බර් 20 සිට ඔක්තෝබර් 4 දක්වා පසු පසට තල්ලු කිරීමට ප්‍රංශ ටෙනිස් සම්මේලනය තීරණය කළේය.

මේ වසරේ ප්‍රංශ විවෘත තරගාවලිය සඳහා මිලදී ගත් සියලුම ප්‍රවේශ පත්‍ර අවලංගු කිරීම හෝ මාරු කිරීම වෙනුවට ඒ වෙනුවෙන් වැයවූ මුදල් ආපසු ගෙවන බව ප්‍රංශ ටෙනිස් සම්මේලනය පසුගිය සතියේදී පැවසීය.

“ප්‍රේක්ෂකයන් නොමැතිව එය සංවිධානය කිරීමෙන් ටෙනිස් ආර්ථිකයේ කොටසක් ලෙස රූපවාහිනී අයිතිවාසිකම් ඉදිරියට ඒවි. එය නොසලකා හැරිය හැකි දෙයක් නොවේ” යැයි ප්‍රංශ ටෙනිස් සම්මේලනයේ සභාපති බර්නාඩ් ගුඩිසෙලි ප්‍රංශ පුවත්පතකට පැවසීය.

“අපි වෙනත් විකල්පයන් බැහැර කරන්නේ නැහැ” යයිද හෙතෙම පැවසීය.

වසංගතය හේතුවෙන් මෙවර යුරෝපයේ ටෙනිස් තරග වාරය මාර්තු මස මුලදී අත්හිටුවන ලදි. බොහෝ රටවල් මේ වනවිටත් අගුලු දමා ඇත. එබැවින් අවම වශයෙන් ජූලි මැද වන තෙක් මෙම විරාමය පවතිනු ඇත.

එක්සත් ජනපද විවෘත තරගාවලිය අගෝස්තු මස අග දී පැවැත්වීමට නියමිතව ඇතත් එය පැවැත්වෙන දින වකවානු තවමත් පැහැදිලි නැති අතර විම්බල්ඩන් තරගාවලිය අවලංගු කර ඇත.

ප්‍රංශ විවෘත තරගාවලිය කල් දමන බව මාර්තු මැද භාගයේදී ප්‍රකාශයට පත් කළ විට ප්‍රංශ ටෙනිස් සම්මේලනය දැඩි විවේචනයට ලක්විය. නව දිනයන් කෘතිම මතුපිටක් සහිත තරග සමය සමඟ ගැටීම නිසා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ඒ පිළිබඳ සන්තාපයෙන් සිටිති.

ප්‍රමාද වී ආරම්භ කිරීමෙන් හෝ එක්සත් ජනපද විවෘත තරගාවලිය සහ පැරිස් තරඟාවලිය අතර සති දෙකක විවේකයක් ක්‍රීඩකයන්ට ලබා දෙනු ඇත.



from silumina

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();