Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඔලිම්පික් උළෙලේ ඩොලර් මිලියන 800ක අලාභය අපි විඳගන්නවා

30 මැයි, 2020

‘විස්සයි 20 ටෝකියෝ’ ඔලිම්පික් උළෙල කල්දැමීම වෙනුවෙන් දැරීමට සිදුවන අලාභයෙන් ඩොලර් මිලියන 800 ක් දක්වා වන අලාභය විඳදරා ගැනීමට අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව අපේක්ෂා කරන බව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපති තෝමස් බැච් පවසයි. ටෝකියෝ ඔලිම්පික් උළෙල ලබන වසරේදී පැවැත්වීමට තීරණය කර තිබේ.

කොවිඩ් 19 වසංගතය හේතුවෙන් මේ වනවිට ලොව පුරා 315023 ක් දෙනා මිය ගොස් ඇති අතර මේ වසරේ ජූලි මාසයේ ආරම්භ කිරීමට නියමිතව තිබූ ඔලිම්පික් උළෙල වසරක් ප්‍රමාද කිරීමට අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව සහ ජපාන රජය මාර්තු මාසයේදී තීරණය කළේය.

‍ක්‍රීඩා උළෙල සංවිධානය කිරීමේදී අපගේ කොටස සහ වගකීම් සඳහා ඩොලර් මිලියන 800 ක් දක්වා අලාභයක් විඳදරා ගැනීමට අපි අපේක්ෂා කරනවා,” යැයි ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු විධායක මණ්ඩල රැස්වීම අවසානයේ පැවැති දුරකතන සම්මන්ත්‍රණයකදි බැච් පැවසීය.

ලබන වසරේ ඔලිම්පික් උළෙල සංවිධානය කිරීම සඳහා ඩොලර් මිලියන 650 ක් වෙන් කිරීමට නියමිත අතර ජාත්‍යන්තර සම්මේලන සහ ජාතික ඔලිම්පික් කමිටු සඳහා ඩොලර් මිලියන 150 ක් පිරිනැමෙනු ඇත.ලොව විශාලතම ක්‍රීඩා උළෙල මාස 12 ක් ප්‍රමාද වීම හේතුවෙන් ටෝකියෝ සංවිධායකයින්ට සහ ජපාන රජයට දැරීමට සිදුවන වියදම බැච් විසින් ප්‍රකාශයට පත් කරන ලද සංඛ්‍යා ලේඛනවලට ඇතුළත් නොවේ.

ක්‍රීඩා සංවිධායකයින්ගේ විරෝධය හේතුවෙන් කල්දැමීම සඳහා වන පිරිවැය පිළිබඳව සාකච්ඡා කිරීමේදී ජපාන අගමැති ෂින්සෝ අබේ වෙත යොමු කළ අදහස් දැක්වීමක් ඉවත් කිරීමට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුට පසුගිය මාසයේ දී පියවර ගත්තේය.



from silumina

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();