මහ මැතිවරණය පැවැත්වීම සහ මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගේ කටයුතු සම්බන්ධයෙන් සමාජයේ පුළුල් කතාබහක් ඇති වී තිබෙන තත්ත්වයක් තුළ, ව්‍යවස්ථාදායක සභාවේ රැස්වීමක් පැවැත්වීමට නියමිත ය.
හිටපු කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වීම පැවැත්වීමට නියමිත් අතර, ඒ පිළිබදව සාමාජිකයන්ට දැනුම් දී ඇත්තේ පසුගිය සතියේ බදාදා ය.
මේ සම්බන්ධයෙන් ව්‍යවස්ථාදායක සභා සාමාජික ජ්‍යෙෂ්ඨ නීතිවේදී ජාවෙඩ් යූසුෆ් පැවසුවේ මෙය හදිසි රැස්වීමක් නොවන බවයි. එසේම ස්වාධීන මැතිවරණ කොමිසමේ කටයුතු සම්බන්ධයෙන් මැදිහත් වීමේ කිසිදු හැකියාවක් ව්‍යවස්ථාදායක සභාවට නොමැති බවත්, වර්තමානයේ ඇති වී තිබෙන තත්ත්වය පිළිබදව සභාවේ සාමාජිකත්වයට යම් සාකච්ඡාවක් පැවැත්වීමට හැකියාව ඇති බවත් ඔහු වැඩිදුරටත් සදහන් කළේය.
The post කතානායක නිළ නිවසේ ව්‍යවස්ථාදායක සභාව හමුවක් appeared first on Lanka News Column.
0 Comments