කොවිඩ්-19 ව්‍යාප්තියේ ගෝලීය තත්වය හේතුවෙන් මේ වසරේදී ලෝක ආර්ථිකය සියයට 3.2කින් පහළ යනු ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය අනාවැකි පළ කරයි. එහි නවතම පුරෝකථන ඇතුළත් මධ්‍ය වාර්ෂික වාර්තාව නිකුත් කරමින් ඒ බව සඳහන් කර ඇත.
මෙම ආර්ථික බිඳ වැටීම 1930 වසරේ ඇති වූ මහා ආර්ථික අවපාතයෙන් පසු ලෝකය මුහුණ දෙන ‘‘සියුම් ම ආර්ථික හැකිළීම’’ මෙය යැයි ද එම වාර්තාවේ සඳහන් වේ.
ලෝක ආර්ථිකය මෙලෙස කඩා වැටීමෙන් ලොවපුරා මිලියන 34.3කට ආසන්න ජනතාවක් දැඩි දරිද්‍රතාවයට පත්වනු ඇතැයි ද එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවයි. එම පිරිසගෙන් වැඩිදෙනකු ජීවත් වන්නේ අප්‍රිකානු මහද්වීපයේ බවයි ඔවුන් පවසන්නේ.
The post ලෝක ආර්ථිකය කඩා වැටෙයි appeared first on Lanka News Column.
0 Comments