Ticker

6/recent/ticker-posts

Header Ads Widget

රාජිතගේ අත්සන් ගන්න ඉඩදෙයි

සුදුවෑන් පිළිබඳව සිදුකළ මාධ්‍ය සාකච්ඡාව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න විසින් ඉදිරිපත් කිරීමට නියමිත ප්‍රති ශෝධන පෙත්සමට අදාළ ලේඛනවලට ඔහුගේ අත්සන් ලබා ගැනීම සඳහා අවසර දෙන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්අධිකරණය අද (15) බන්ධනාගාර කොමසාරිස් ජනරාල් වරයාට නියෝග කර තිබේ.

රාජිත සේනාරත්න වෙනුවෙන් ඉදිරිපත් කළ මෝසම සලකා බැලීමෙන් පසුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න විසින් මෙම නියෝගය නිකුත් කළාය.

ප්‍රතිශෝධන පෙත්සම ඉදිරිපත් කිරීමට තීරණය කර ඇති බැවින් ඊට අදාළ ලේඛන වලට අත්සන් ලබා ගැනිම සඳහා නීතිඥවරුන්ට ඉඩ සලසා දෙන ලෙස බන්ධනාගාර කොමසාරිස් ජනරාල් වරයාට නියෝගයක් නිකුත් කරන ලෙස රාජිත සේනාරත්නගේ නීතිඥවරු අද මෝසමක් මගින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය ගෙන් ඉල්ලා සිටියහ.

The post රාජිතගේ අත්සන් ගන්න ඉඩදෙයි appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();