Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඇඳිරි නීතිය ලිහිල් කිරීමත් වායු දූෂණය යළි ඉහළට

ඇඳිරි නීතිය කි‍්‍රයාත්මක කළ කාල සීමාවේදී අවම අගයක් ගත් කොළඹ නගරයේ වායු දූෂණය ඇඳිරි නීතිය ලිහිල් කිරීමත් සමග යළි ඉහළ ගොස් තිබේ.
 
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ, සරත් පේ‍්‍රමසිරි මහතා පෙන්වා දුන්නේ රථ වාහන ගමනාගමනය සහ අනෙකුත් ක්‍රියාකාරකම් වැඩි වීමත් සමග මෙම තත්ත්වය ඇති වී තිබෙන බවයි.
 
කොළඹ නගරයේ දූවිලි අංශු ප්‍රමාණයේ අවම මට්ටම ලෙස සටහන් වූයේ මයික්‍රොග්‍රෑම් 10ක් වන අතර එය මේවන විට මයික්‍රොග්‍රෑම් 18ක් 20ක් වැනි අගයක් ගෙන ඇත.
 
වායු දූෂණය පිළිබඳ කෙරෙන අධ්‍යයනවලින් හෙළි කරගන්නා තොරතුරු අනුව 2025 වසර වනවිට මෙරට නාගරික වායු දූෂණය අවම කිරීමට සැලසුමක් සකස් කරන බව ද ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ සරත් පේ‍්‍රමසිරි මහතා වැඩිදුරටත් පැවසීය.
 
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();