නිරිත දිග බෙංගාලබොක්ක ප්‍රදේශයේ වර්ධනය වී ඇති සුළිකුණාටුව අද දිනයේදී චණ්ඩ සුළිකුණාටු තත්ත්වයක් දක්වා වර්ධනය විය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.
මේ හේතුවෙන් දිවයිනට නැගෙනහිරින්වන මුහුදු ප්‍රදේශය දැඩි ලෙස රළු ස්වභාවයක් ගනු ඇති බව සදහන් වේ.
මන්නාරම සිට කොළඹ ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන වෙරළ ආසන්න මුහුදු ප්‍රදේශවල මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් පවති. එම ප්‍රදේශවල මුහුදු රළ මීටර් 2.5ක් පමණ ඉහල යාමේ හැකියාවක් පවතින බව එම දෙපාර්තමේන්තුව සදහන් කළේය.
ඉදිරි පැය 24 තුළ දී දිවයින වටා ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.
එම මුහුදු ප්‍රදේශවල පැයට කිලෝමීටර් 60ත් 70ත් අතර දක්වා සුළගේ වේගය ක්ෂණිකව ඉහළයාමට ඉඩ ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
0 Comments