එළඹෙන 11 වැනිදා සිට ආගමන විගමන දෙපාර්තමේන්තුව එහි සාමාන්‍ය දෛනික රාජකාරී කටයුතු සඳහා විවෘත කරන බව එම දෙපාර්තමේන්තුව පවසයි.
සාමාන්‍ය පරිදි රජයේ නිවාඩු දින හැර අනෙකුත් දිනවල දී ආගමන විගමන දෙපාර්තමේන්තු විවෘතව තැබේ. එසේ වුවත් සේවාවන් ලබා ගැනීමට පැමිණෙන අය ඇඳිරි නීති කාලසීමාව තුළ පිළිපැදිය යුතු සෞඛ්‍ය ආරක්ෂණ නියමයන් පිළිපැදිය යුතු බව ඔවුහු පවසති.
විවෘත කළ පසු එක්දින සේවා යටතේ ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා අයඳුම් පත් භාරදීම උදෑසන 8.00 සිට පස්වරු 1.00 දක්වා පමණක් ක්‍රියාත්මක කර තිබේ. සාමාන්‍ය සේවා යටතේ ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සඳහා අයඳුම්පත් භාරදීම උදෑසන 9.00 සිට පස්වරු 2.00 දක්වා ක්‍රියාත්මක වේ.
මීට අතිරේකව ගමන් බලපත්‍ර තොරතුරු සංශෝධනය, පුරවැසිභාවය ලියාපදිංචි කිරීම, ඉන්දීය සහ චීන සම්භවයක් සහිත පුද්ගලයින්ගේ පුරවැසිභාවයට අදාළ කටයුතු, ගමන් බලපත්‍ර දත්ත පිටුවේ තොරතුරු සකස් කරගැනිම සහ ගමන් බලපත්‍ර දත්ත පිටුවේ හා පිටසන්වල අරාබි පරිවර්තනයක් ලබාගැනිමේ කටයුතු උදෑසන 9.00 සිට පස්වරු 1.00 දක්වා ක්‍රියාත්මක කෙරෙන බවයි ආගමන විගමන දෙපාර්තමේන්තු ප්‍රකාශකයෙකු සඳහන් කළේය.
The post ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳුදා සිට විවෘතයි appeared first on Lanka News Column.
0 Comments