Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පඩි කැපීම ත්‍රිවිධ හමුදා, පොලිස් සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු නිලධාරීන්ට අදාළ නොවේ

කොරෝනා වසංගතය හේතුවෙන් පවත්නා මූල්‍යමය අපහසුතාවය  මඟහරවා ගැනීම සඳහා රජයට දිනක වැටුප පරිත්‍යාග කිරීම ත්‍රිවිධ හමුදා, පොලිස් සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු නිලධාරීන්ට අදාළ නොවන බව ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න පවසයි.

කොරෝනා වෛරස් වසංගතය හේතුවෙන් රජය මුහුණ දී ඇති ආර්ථික අපහසුතාවය මඟහරවා ගැනීම සඳහා ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර පසුගිය සතියේ රජයේ සේවකයින්ගෙන් ඉල්ලා සිටියේ මැයි මාසයේ මුළු වැටුප හෝ දිනක වැටුප වැන්දඹු හා අනත්දරු  විශ්‍රාම අරමුදලට පරිත්‍යාග කරන ලෙසයි.

මෙම ඉල්ලීමෙන් අනතුරුවආරක්ෂක අමාත්‍යාංශය රාජ්‍ය සේවකයන්ගේ මැයි මාසයේ වැටුප සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර විසින් යොමුකරන ලද ලිපියට අනුව හමුදා සාමාජිකයන්ගේ වැටුප් කැපීමට අවශ්‍ය කටයුතු කරන ලෙස ලිපියක් යවා තිබේ.

ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (පරිපාලන) ඩබ්ලිව්. ඒ. කුලසූරියගේ අත්සනින් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්‍යාලය වෙත එම ලිපිය යොමු කර තිබුණේ පසුගිය12 දින ය. ජනාධිපති ලේකම්වරයා විසින් අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු සියලු රාජ්‍ය සේවකයන් ආමන්ත්‍රණය කරමින් යොමු කර තිබූ ආයාචනාත්මක ලිපිය, ආරක්ෂක අමාත්‍යාංශයේ අදාළ ලේකම්වරයා චක්‍රලේඛයක් ලෙස එහිදී හදුන්වා තිබේ. ජනාධිපති ලේකම්වරයාගේ චක්‍රලේඛයට අනුව ත්‍රිවිධ හමුදාවල සේවයේ නියුතු සියලු පිරිස්වල මාසික වැටුප, වැටුපෙන් අඩක් හෝ දිනක වැටුප දක්වා සුදුසු පරිදි කපාගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම ලිපියේ දක්වා ඇත.

එහෙත් සන්නද්ධ හමුදාවන්ගෙන් සහ පොලීසියෙන් දිනක වැටුප් කප්පාදුවක් සිදු කරන ලෙස ආරක්ෂක අමාත්‍යාංශය නියෝග නිකුත් කර ඇති  බව පවසා තිබීම ප්‍රතික්ෂේප කරමින් මේජර් ජෙනරාල් ගුණරත්න පවසා සිටියේ මෙම ඉල්ලීම සෙබළුන්, නාවික භටයන්, ගුවන් භටයින්, පොලිස් සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු නිලධාරීන් සදහා අදාළ නොවන බවයි.

The post පඩි කැපීම ත්‍රිවිධ හමුදා, පොලිස් සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු නිලධාරීන්ට අදාළ නොවේ appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();