අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික් 10කට නිකුත් කර තිබූ නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන තවදුරටත් බලපැවැත්වෙන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
ගාල්ල, මාතර, මාතලේ, රත්නපුර, කළුතර, කෑගල්ල, කොළඹ, නුවරඑළිය, කුරුණෑගල සහ මහනුවර දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ කිහිපයක නායයෑමේ අවදානම් පවතින බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.
ඊයේ (16) දිනයට සාපේක්ෂව වර්ෂා තත්ත්වයේ අඩුවක් පැවතින අතර මේ වන විට ගංගාවල ජල මට්ටම ද සාමාන්‍ය තත්ත්වයට පත්ව තිබෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
0 Comments