Ticker

6/recent/ticker-posts

Header Ads Widget

හොංකොං ස්වයංපාලිත ප්‍රදේශයක් නොවේ

අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පෙයෝ

අමෙරිකාවේ නීතිය යටතේ හොංකොං දේශය තවදුරටත් ස්වයංපාලිත ප්‍රදේශයක් ලෙස සලකන්නේ නැතැයි අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පෙයෝ කියයි.

මේ ප්‍රකාශය වෙළෙඳ මධ්‍යස්ථානයක් ලෙස හොංකොං සතුව පවතින ප්‍රතිරූපයට හානියක් ඇති කරනු ඇති අතර චීන පාලනයේ උදහසට හේතු වනු ඇතැයි ද ඔහු පැවසීය.

හොංකොං දේශය චීනයෙන් ස්වයංපාලිත තත්ත්වයක සිටින බව පවතින තත්ත්වය අනුව සාධාරණ පුද්ගලයකුට පැවැසිය නොහැකි යැයි ප්‍රකාශයක් නිකුත් කරමින් ඔහු කීවේය. හොංකොං දේශය වෙනුවෙන් චීනය ඉදිරිපත් කර තිබෙන නව ආරක්ෂක නීති මාලාවෙන් අනතුරුව පොම්පෙයෝ මේ ප්‍රකාශය සිදු කර තිබේ.

නව ආරක්ෂක නීතිය හොංකොංවල ස්වාධීනත්වය සහ නිදහස අවතක්සේරු කිරීමක් යැයි ද ඔහු කියා ඇත. චීනය තමන්ට අවශ්‍ය පරිදි හොකොං දේශය හැඩගස්වන බවට මෙය නිදසුනක් යැයි ද රාජ්‍ය ලේකම්වරයා කියා තිබේ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();