දකුණු කොරියාවේ සෝල් අගනුවර සමාජශාලා වෙතින් මතු වූ අලුත්ම කොරෝනා ආසාදිත පොකුර හේතුවෙන් වෛරසය ආසාදනය වී ඇති පුද්ගලයින්ගේ සංඛ්‍යාව ඊයේ (13දා)වන විට 119ක් දක්වා ඉහළ ගොස් තිබිණි.
සෝල් නගරයේ “හේරොන්” ප්‍රදේශයේ පිහිටි සමාජශාලා හා තැබෑරුම් පහකට ගිය 29 හැවිරිදි තරුණයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබුණේ ඉකුත් සතියේදී ය. එම ආසාදිතයින්ගේ සංඛ්‍යාව ඉන් අනතුරුව කඩිනමින් වැඩි වන්නට විය. සියෝල් නගරයේ නගරාධිපති පාක් වොන් සූන් පැවසුවේ ඉකුත් අප්‍රේල් 24 වැනිදා සිට මැයි 06 වැනිදා දක්වා දින 12 තුළදී හෙවොන් ප්‍රදේශයේ පිහිටි සමාජශාලාවලට ගිය පිරිස් වෙතොත් වහාම කොරෝනා පරීක්ෂණයට ලක් කරන බවයි.
කෙසේ වෙතත් නව පැතිරීම් අතරතුර මෙතෙක් දකුණු කොරියාව තුළ පැතිර යාම පාලනය කර තිබු කොරෝනා වෛරස් ආසාදනයට ගොදුරු වූ තවත් අයෙකු අද දිනයේ මිය ගියේය. ඒ සමඟ කොරියාව තුළ කොරෝනා මරණ සංඛ්‍යාව 259 දක්වා ඉහළ ගියේය.
The post ඡන්දය තිබූ කොරියාවෙන් අලුතින් 119ක් appeared first on Lanka News Column.
0 Comments