අවසන් වරට ඊයේ මෙරටින් වාර්තා වු කොවිඩ් 19 ආසාදිතයින් 12 දෙනාගෙන් 10 දෙනෙකුම නාවික හමුදා සමාජිකයින් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.
අනෙක් ආසාදිතයින් දෙදෙනා නාවික හමුදා සාමාජිකයෙකු ළඟින් ඇසුරු කළ පුද්ගලයින් දෙදෙනෙකි.
මේ වන විට මෙරට සමස්ත කොවිඩ්-19 ආසාදිත ගණන 847වේ.
රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින්ගේ සංඛ්‍යාව 578 කි.
සුවය ලැබු සමස්ත ආසාදිතයින්ගේ සංඛ්‍යාව 260 ක් වන අතර වෛරසය ආසාදනය විමෙන් පුද්ගලයින් 09 දෙනෙකු මියගොස් තිබේ.
0 Comments