Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඉතාලියේ පැය 24කදී කොරෝනා මරණ 919ක්

ගෝලීය වසංගත තත්ත්වයක් බවට පත්ව තිබෙන , රටවල් 199 කට බලපා ඇති කොවිඩ් නයින්ටීන් වෛරසය හේතුවෙන් ගතවු පැය 24 තුළ පුද්ගලයින් 3178 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉතාලිය තුළ පමණක් ඊයේ (27) දිනයේ දී මියගිය සංඛ්‍යාව 919ක් වෙයි. වෛරසය වාර්තා වීමෙන් පසු එක් දිනක් තුළ ඉතාලිය තුළ මියගිය වැඩිම සංඛාව ද මෙයයි.

එරට වෛද්‍යවරුන් 46ක් කොරෝනා වෛරසය හේතුවෙන් මියගොස් ඇති අතර සෞඛ්‍ය සේවකයින් 6414 දෙනෙකුට වෛරසය වැළඳී ඇති බව වාර්තා වෙයි.

ඉතාලියේ කොරෝනා මුළු ආසාදිත සංඛ්‍යාව 86,500කට ආසන්න වන අතර එය දැන් චීනයේ ආසාදිත සංඛ්‍යාව අභිබවා යාම ද විශේෂත්වයකි.

අගමැති ජුසපේ කොන්ටි ප්‍රකාශ කළේ ඉතාලිය දරුණුතම ආර්ථික අවපාතයට මුහුණදීමේ අවදානමක් පවතින බවයි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();