විදුලි බලය දිනකට පැය දෙකක කාලයක් විසන්ධි කිරීමට විදුලි බල මන්ඩලය තීරණය කර තිබූ බව ප්‍රවාහණ කළමනාකරණ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.
ලංකා විදුලි බල මණ්ඩලයට ඉන්ධන සැපයීමට තිබූ ණය සීමාව ඉක්මවා යාම හේතුවෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඊය් දින (03) කෙරවළපිටිය බලාගාරයට සපයන ලද ඉන්ධන ප්‍රමාණය අත්හිටුවීමට පියවර ගෙන ඇති බව වාර්තා වෙයි.
ඒ අනුව කෙරවළපිටිය බලාගාරයේ විදුලිය උත්පාදනය කිරීම ඇණ හිටි බව ප්‍රවාහණ කළමනාකරණ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.
එසේ උද්ගත වූ තත්ත්වය මත දිනකට පැය දෙකක කාලයක් විදුලිය සැපයීම අත්හිටුවීමට ලංකා විදුලිබල මණ්ඩලය තීරණය කළ බව එම අමාත්‍යාංශය සඳහන් කළේය.
එහෙත් මේ සම්බන්ධව වහාම මැදිහත් වුනු ප්‍රවාහණ කළමනාකරණ විදුලි බල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා කැබිනට් මණ්ඩලයේ ආවරණ අනුමැතියට යටත්ව විදුලි බල මණ්ඩලයට ඉන්ධන සැපයීම අඛන්ඩව පවත්වාගෙන යන ලෙස ලංකා ඛනිජ තෙල් නීතිගත ස්ථාවට උපදෙස් දුන්නේය.
ඒ අනුව නැවතත් ඉන්ධන සැපයීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කළ බැවින් විදුලි බල මණ්ඩලය විසින් හදිසි තත්ත්වයක් මත ක්‍රියාත්මක කිරීමට සැලසුම් කළ විදුලි බලය පැය දෙකකින් කපා හැරීම අත්හිටුවීමට තිරණය කරන ලදී.
ඒ අනුව නැවතත් අඛණ්ඩවම විදුලිබලය මහජනතාවට සැපයීමට ලංකා විදුලි බල මණ්ඩලය පියවර ගෙන තිබේ.
The post විදුලිය කැපීම අත්හිටුවයි… CEB තීරණයට වහාම රජය මැදිහත්වෙයි… appeared first on Lanka News Column.
0 Comments