Ticker

6/recent/ticker-posts

Header Ads Widget

72 නිදහස් දිනය යාපනය විශ්වවිද්‍යාලයට ශෝක දිනයක්

යාපනය විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගමය හැත්තෑ දෙවන ජාතික නිදහස් සමරු දිනය ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කොට තිබෙනවා.

යාපනය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විසින් නිකුත් කල නිවේදනයක සදහන් වන්නේ දෙමළ ජනතාවගේ ප්‍රශ්න කිසිවක් මේ රට තුළ විසදී නොමැති නිසා දෙමළ ජනතාවට නිදහස් දිනය සතුටෙන් සැමරීමට හැකියාවක් නොමැති බවයි.

උතුරු නැගෙනහිර දෙමළ ජනතාවට මුහුණ දීමට ඇති ප්‍රධාන ගැටලු කිසිවකට ගත වූ කාලය ඇතුළත විසදුම් ලැබී නොමැති බව පවසන යාපනය විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය සංගමය අවම තරමින් වත්මන් රජය ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කිරීමට හෝ අවස්ථාවක් සලසා නොමැති පරිසරයක දෙමළ ජනතාවගේ නිදහස පිළිබදව ඇත්තේ ශෝකී තත්ත්වයක් බවද පෙන්වා දී තිබෙනවා.

The post 72 නිදහස් දිනය යාපනය විශ්වවිද්‍යාලයට ශෝක දිනයක් appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();