නව කොරොනා වෛරස් වසංගතය සිදු වීමෙන් පසු චීන රජය හා ජනතාව මුළු ශක්තියෙන්ම එම වසංගතය පාලන කටයුතු වලට නියැළි සිටින බව ෂී ජින් පිං ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත ප්‍රකාශ කර තිබේ. ඒ දෙදෙනා අතර සිදුකළ දුරකථන සාකච්ඡාවකදීය.චීනය පුරාම සම්පූර්ණ සැලසුම් කර ක්ෂණික ප්‍රතිචාර දක්වා වසංගත පාලනය සඳහා දැඩිම විධිවිධාන යොදා ගෙන වසංගතය කෙරෙහි සටනක් ආරම්භ කර තිබෙන බව එහිදී ඔහු සඳහන් කළේය. අදාළ වැඩකටයුතු දිනෙන් දින ජයග්‍රහණ ලබා ගෙන තිබෙන අතර එම වසංගත පාලනය කිරීමේ පූර්ණ විශ්වාසය හා හැකියාව චීනය සතු බව ෂී ජින් පිං පැවසිය. මේ සමඟ කිසිවිටෙකත් චීන ආර්ථීකයේ දිගු කාලීන යහපත් වර්ධනය වෙනස් නොවන බව ද චීන ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළේය.
ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේ චීනය නව කොරොනා වෛරස් වසංගතය වැළැක්වීමට අනුබල දෙමින් විශේෂඥයන් චීනයට යොමු වීමට ඇමරිකාව කැමති බවයි. ෂී ජින් පිං ගේ නායකත්වය යටතේ චීන ජනතාවට නව කොරොනා වෛරස වසංගතය පරාජය කළ හැකි බවට සැකයක් නොමැති බවට හෙතෙම සිය විශ්වාසය පළ කළේය. ද්විපාර්ශ්වික හා ලෝක සෞඛ්‍ය සංවිධානය යන විවිධ මාර්ග හරහා චීනය සමඟ අදහස් හුවමාරු කර සහයෝගතා පැවැත්වීමට ඇමරිකාව අපේක්ෂා කරන බව ට්‍රම්ප් කියා සිටියේය.
The post චිනේ ඇමරිකා කෝල් කර ගනියි appeared first on Lanka News Column.
0 Comments