චීන අග්‍රාමාත්‍ය ලී ක ච්‍යං ගේ ප්‍රධානත්වයෙන් එම වසංගතය පාලනය කිරීමේ රැස්වීමක් ඊයේ (02) පැවැත්විණ. වසංගතය තවදුරටත් මනා ලෙස පාලනය කිරීම, වෙළඳපොලේ සැපයුම් විධිමත් ව සුරැකීම, හූ බේ පළාත, විශේෂයෙන් ම වූ හැන් නගරය හා යාබද වැදගත් ප්‍රදේශ සඳහා වෛද්‍ය ද්‍රව්‍ය සැපයුම් තහවුරු කිරීම ඇතුළු කරුණු එහිදී සැළසුම් කර තිබේ.
එමෙන් ම, චීන රාජ්‍ය මණ්ඩලය එකඟ වී ඇත්තේ වසංගතය පාලනය කරමින් ජන ජීවිතයට තීරණාත්මක කර්මාන්ත සහ ඊට අදාළ සියලු අත්‍යවශ්‍ය අංශ නව වසර සඳහා වූ නිවාඩුව නිම කර නියමිත වේලාවෙන් රාජකාරි කටයුතු යළි ආරම්භ කළ යුතු බවයි. ඊට අමතර කර්මාන්ත හා අංශ රාජකාරි කාර්ය සටහන නම්‍යශීලි ලෙස සැළසුම් කළ හැකි බව එම රැස්වීමේදී උපදෙස් දී තිබේ. ජනාකීර්ණ අවස්ථා අවම කරමින් වසංගතය පැතිර යාමේ අවදානම් අඩු කිරීම එහි අරමුණ ය.
චීනය පුරා කොරොනා වෛරස වසංගතය පැතිර යාම වැළැක්වීමේ ද්‍රව්‍ය හා ජීවිත මෙවලම් සැපයුම් විධිමත් ලෙස සිදු කළ යුතු යැයි එම රැස්වීම පෙන්වා දෙයි. විශේෂයෙන්ම වූ හැන් නගරය වෙත ඒවා යොමු කිරීම ඒ අතරින් ප්‍රධාන වෙයි.
The post චීනය නිවාඩුව දික් නොකරයි appeared first on Lanka News Column.
0 Comments