Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කට ඇරියොත් ඇත්ත එයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයෙන් අහිමි වු ජීවිතවල වගකීම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් භාර ගත යුතු බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර පවසයි.

ඔහු මේ අදහස් පළකළේ සිරිකොත එජාප පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදීය.

“රටේ ජනාධිපති වෙලා එ.ජා.ය.ට පහර දුන්නා. සරලව ජීවත් වෙනවා කිව්වා. ජනාධිපති මන්දිරය පාවිච්චි කරන්නේ නෑ කිව්වා. ලයිට් බිලේ ප්‍රශ්නය දාලා. ගෙවල් 03ක් එකට කරලා මන්දිරයක් හදාගත්තා.”

“පොළොන්නරුවට කෝච්චියේ යනවා කිව්වා. දැන් මන්දිරයක් හදාගෙන ඉන්නවා. කිව්ව සරලකම දැන් නෑ
එල්ලුම්ගහ ක්‍රියාත්මක කරලා  අපරාධකරුවන්ට දඬුවම් කරනවා කිව්වා. ඊට පස්සේ රෝයල් පාර්ක් අපරාධකරු නිදහස් කළා. පාස්කු ප්‍රහාරයේ 300 ඝාතනය වීමේ වගකීම මෛත්‍රීපාල සිරිසේන භාර ගන්න ඕනේ. පූජිතට සහ හේමසිරිට ජනාධිපති කොමිසමට ඇවිත් ලියකියවිලි ගන්න ඉඩ දිය යුතුයි. ඒ දෙන්නා බය නැතිව කොමිසමට සාක්ෂි දුන්නොත්. මේ සිද්ධියේ ඇත්ත ස්වභාවය කිව්වානම්. පොලිස් කොමිසමට සහ පොලිස්පතිට කරපු බලපෑම කිව්වනම් ඇත්ත දැනගන්න පුළුවන්. මාව බේරුවොත් තනාපතිකමක් දෙනවා කිව්වා.”

“මේ රටේ ජනතාව මේ ඇත්ත දැනගන්න ඕනේ එල්ලුම්ගහ ක්‍රියාත්මක කරනවා කිව්වා කෙනා ගැන පූජිත සහ හේමසිරි හරියට කට ඇරියොත්. මෛත්‍රීපාලව තමයි එල්ලන්න වෙන්නේ” ඔහු මෙහිදී පවසා තිබිණි.

The post කට ඇරියොත් ඇත්ත එයි appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();