නව කොරෝනා වෛරසය ආසාධනය වීම හේතුවෙන් සිදුවූ පුද්ගල මරණ සංඛ්‍යාව අද(06) වන විට 563 දක්වා ඉහළ ගොස් ඇත.
ලෝකය පුරා වෛරසය ආසාදිත වූ සංඛ්‍යාව 28,000ක් පමණ සිටින බව ද වාර්තා වෙයි.
මේ වන විට වෛරසය රටවල් 28 කට පැතිරගොස් ඇති අතර චීනයෙන් පිට වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ තායිලන්තයෙන් සහ සිංගප්පුරුවෙනි.
එමෙන්ම කෙරෝනා වෛරසය ආසාදනය වු 892 ක් මේ වන විට සුවය ලබා ඇති බව ද වාර්තා වෙයි.
වෛරසය පැතිරවීම වැළැක්වීම සඳහා චීනයේ නගර රැසක දෛනික කටයුතු අත්හිටුවා ඇති අතර ජනාකීර්ණ බෙයිජිං අගනුවර සහ ෂැංහයි නගර තුළ දක්නට ලැබුණේ දැඩි පාළු ස්වභාවයකි.
0 Comments