බළන්ගොඩ ආනන්ද මෛත්‍රිය ජාතික පාසල් සිසුන් 74 දෙනකු ශිෂ්‍ය නායක පුහුණු කඳවුරකට සහභාගි වූහ. 29වැනි දා ආරම්භ කළ මේ නේවාසික සිසු නායක වැඩමුළුව දින තුනක් පුරා පැවති අතර, සිසුහු බළන්ගොඩ ආනන්ද මෛත්‍රිය ජාතික පාසලේ සහ බෙලිහුල්ඔය ඇකඩමි ඔෆ් ඇඩ්වෙන්චර් ආයතනයේ එළිමහන් හා ගෘහස්ත ක්‍රියාකාරකම්වල නිරත වූහ.
බාලක බාලිකාවන් 74 දෙනකුගේ සහභාගීත්වයෙන් පැවති මේ නායකත්ව පුහුණු වැඩමුළුවේ අවසන් දිනය වූ 31 වැනිදා සිසුන්ගේ දක්ෂතා නිර්මාණාත්මක හැකියාවන් එළි දැක්වීමට විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේ දී නැටුම් ගැයුම් වැයුම් ඇතුළත් ප්‍රසංගයක් ද පැවැත් වුණි.
සිසුන්ගේ නායකත්ව කුසලතා සංවර්ධනය වන අයුරින් සාමූහික ක්‍රියාකාරකම් මෙන්ම විවිධ අභියෝගයන්ට මුහුණ දීම, පිළිවෙළ හා ක්‍රමවත් බව, සෙස්සන් අතර නායකත්වයට හුරුකරමින් විවිධ අභ්‍යාසවල නිරතවීමට සිසුන්ට අවස්ථාව සළසා තිබුණි.
මෙහි දී ශිෂ්‍ය පෞරුෂත්වය සංවර්ධනය වන අයුරින් වැඩමුළුව සංවිධාන කිරීම විදුහල්පති රවින්ද්‍ර සිල්වා මහතාගේ මඟ පෙන්වීම ඇතිව නියෝජ්‍ය හා සහකාර විදුහල්පතිවරුන් මෙන්ම ශිෂ්‍ය නායක සංසදය භාර චින්තක වීදියගේ මහතා ඇතුළු ආචාර්යවරු වැඩමුළුව සංවිධාන කළහ.
බෙලිහුල්ඔය සමූහ
0 Comments